add

ඔබේ ජිවිතෙම මානම්

ඔබ මගේ ජිවිතය එ තරම්ම මට ඔබව ගොඩාක්‌ වටිනවා මගෙ අම්මා තාත්තා තරන්ම සමහර තැන් වලදි අම්මා තාත්තට වඩා හේතුවනම් අම්මා තාත්තා ගාව ජිවත් උනාට වැ....

නොකියු ප්‍රේමය

තමන් ආදරය කරන තරුනියට ආදරය ප්‍රකාශ කරන්නට නොලැබීම තුල සුන්දරත්වයක් තිබේ යැයි කෙනෙකු කීවොත් ඔබ එකග වෙනවාද?.

ගැහැනිය හදුනා ගනිමු...

ඔබ ආදර වන්තයෙක් වෙන්න ඇති. ගැහැණිය ස්වාභාවයෙන්ම බොහෝ දේ වසන් කිරීමට මනා නිපුනතාවයක් දක්වයි. එහෙත් පිරිමි නිරතුරුවම එලිපිට වැඩ කිරිමට කැමැත....

ආදරයෙන් පැරදුනු මිතුරා සෙසු මිතුරන් අතරේ....

පෙම්වතිය සිටි කාලයෙ යහලු මිත්‍රයන් හා ඉතා සමීපව, විනෝදකාමිව කටයුතු කල බව සැබේවකි. ඒ සමයේ මිතුරියන් හෝ වෙනත් කාන්තා පාර්ශවය යනු එතරම් තදින් ....

ඔයා දන්නවද ? තාමත් මම ඔයාට ආදරේයි

නොහිතපු විදියට අපි දෙන්නා මුණ ගැහුනා නොහිතපු විදියට අපි ලං උනා ටික කාලෙකදී ගොඩක්ම ලං උනා අපි දන්නෙම නැතුව අපි ආදරේ කලා පුංචි පුංචි දේ....

Thursday, February 23, 2017

අහස් වියන යට





අහස් වියන යට හමු වී
යන එන මග ඔබ හමු වී
හසරැලි  ඔබ වෙත පාවී
 අදනම් සිහිනෙන්  නුබ ඒවී
ඔය සිතනනම් මට ඕනී

සිසි උවනේ නෙතු පැටලී
ලා දෙතොලේ මා තනිවී
උරතලයේ මගේ රැදී
මගේ සිතුම් නුබ නොදනී
දනිවීනම් නොහැරිවත් නොබලාවී

මුකුලිත ඔය මුව මඩලේ
මනබදිනා  අය අතරේ
නොදුටු පෙමයි මා ඔබගේ
සරසවියට යන පාරේ
ඔබ වෙනවද මගේ ප්‍රේමේ




Bishmi Dissanayaka

Wednesday, February 22, 2017

මේ නැවතුම






ගිනියම් සුළග..
 නුබ ගැන හැගුමන් ගෙන ගියා
සීතල සුසුම
මිදුම වී නෙත් යුග බොද කර හැරලා
ආදර හැගුම
සිත ලග මොහොතක් රැදුනා
ඔබ දැක
හද සනසගන්නට මොහොතක් සිතුවා


හදිස්සියෙන් හමු වූ ඔබ
කවුදෝ මන්දා
සිනාසී ගියේ ඇයිදෝ
ඔබ මා හදුනන හින්දද
සිත සන්සුන් කළා
සිහිනෙන් ලගින් හිද
ලගින් ලංව හුන්නා
අවදි වනවිට මා මේ නැවතුමෙන් 
 පෙර නැවතුමෙන් ඔබ බැස ගොස් තිබුනා



                                            Bishmi Dissanayaka

Tuesday, February 21, 2017

වෙනදා වගේ




වෙනදා වගේ මග බලා
පෙරමග නුබ සිටියේ නෑ
මා මවා පෑ  පෙම කාට දෙන්නද
මා දැන් තනි වූ නිසා

ඉස්සර දවසක හමු වී
ආදරෙයි කියා...
ඔබ කියූ විටදී..
මා දෙලොවක අතරමන්ම වූ බව හැගුනා
රැකගන්නට ජීවිතයක්..
 මට නොතිබූ නිසා
මා ඔබේ ඇරයුම වෙත ආවා

සසරේ හැමදා පතන්නට
 නෑ මතකෙට නැගුනේ
අහසේ පෑයු තාරකා වල
සිනා දකින්නට නෑ සිතුනේ 
පියවර තබනා හැමවාරේ
නුබ මා ළග සිටියවත් නෑ දැනුනේ

Bishmi Dissanayaka 

Monday, February 20, 2017

යලි හමුවීම





අපි යලි හමුවෙලා
අප අපගෙන් වෙන් වී....
අන්සතු දෑතක පැටලිලා
හසරැලි පමණක් හෙලා
යමු ඒ පෙම් සිතිවිලි මග හැරලා

පසු කර ආ මතකය සෙනෙහේ
නැවතීලා හුන් තැන අමතක වීලා
රිදවූ ඇමතූ මේ වැහි මන්දාරමේ
සිතිවිලි අතුරා මල්පෙති විසිරිලා

ලස්සන දෑසක හිමිකම ගිලිහිලා
සුන්දර සිතිජය ළග මා තනිවෙලා
ගිම්හානය නෑ තව අවසන් වෙලා
වස්සානය මගේ තවමත් ඔබ නිසා



Bishmi Dissanayaka


Saturday, February 18, 2017

අනේ නුඹ ගැන හිතන් නෑ මං, හිතන් නෑ.,මට හිතෙනවා..


අතීතයේ මාවත් දිගේ මං ඔහේ පියමන් කරනවා..
අතරමං වෙයි හිතුණ හැටියෙම හැරී ආපසු දුවනවා..
නුඹෙන් ලද දුක නිසාවෙන් මං අදත් රසකර විදිනවා..
එහෙත් නුඹ ගැන සත්තකයි මං හිතන් නෑ.,මට හිතෙනවා..


හිතට වැරදුනු එකම තැන මට අදත් තනිවම හොයනවා..
නුඹෙන් මුදවනු නොහැකි හිත ගැන හොරෙන් මම පසුතැවෙනවා..
ඉටු නොවෙන එක සිහිනයක්වත් මවන් නෑ මට මැවෙනවා..
අනේ නුඹ ගැන හිතන් නෑ මං, හිතන් නෑ.,මට හිතෙනවා..

සද




සද අංගනයේ හිද රංගනයේ සිරි
රහසේ සොරෙන් බල හුන්නා
මම ඔබ ලය මඩලේ
උණුහුම විද උන්නා
කොපුල් පවා චුම්බන්යෙන්
මත් වී තිබුණා
අදර කුසුමක රොන්සුනු යහනේ විසිරිලා


හද ගැස්සෙන ඔබේ රුව
සද එලියට අරුමයි
ඉක්මන් වෙන හුස්මක් පාසා
තුරුලට ලං වුවා
නුබ ගැස්සෙන හැම වාරේ
තොල්පෙති තෙමිල තිබුණා

Sunday, November 3, 2013

නොකියු යමක්...



දුබල එලිය අති පුන්චි කාමරේ
තනියහනක් තනි වෙලා ආදරේ
හිතේ කිසි තෙතක් නැතිව මා කෙරේ
අරන් ගියා ඔබ ඔබේ ආදරේ
 වචන ගලපල අර්ථ දක්වල මේ කතාව කියා ගන්න බැරි උනාට මේ ලියන්න ට්‍රයි කරන්නෙ දරාගන්නම බැරි තෙනක ඉදන් නහර වැල් දිගේ වැල් දිගේ එලියට එන්න දගලන මගෙ ආදරේ. මීට කලින් මේ ගැන කොහෙවත් ලියවිලා නැ.
ඔයා මේ පොඩි රටේ කොහේ හිටියත් කවද හරි අපි ආපහු හමුවේවි.
 කොහෙද දිහාවකින් කු.ගලට අවිත් මගෙ යාලුවෙක්ගේ යාලුවෙක් උනා. ඒ මාර්ගයෙන් අපි එකතු උනා. මන් ෆන් එකට බර කොල්ලෙක් හින්ද හැමදෙම හරි සැහැල්ලුවටයි හිහන්නෙ. කෙල්ලො ඒකත් තව එක දෙයක් විතයි. මම තවත් ෆේක් එකක් විතරක් උනා. ඔහොම කතාබහ කරල මාස 2ක් විතර කල් ගෙව්වා. 'ආදරේ' ඒක මහා පිසුවක් ඕයි. ඉගන ගන්න එකයි ලොකු වෙලා තිබුනේ. මොකද කාගෙත් මුලින් මොරාල් අප් වෙලනේ තියෙන්නෙ මුලට. කෙල්ලෙක් මුලින්ම මගෙන් ඔය වචනේ ඉල්ලුවෙ මේ කාලෙ තමයි. මොකද එයා මන් කව්ද කියලවත් දන්නෙ නැති හින්ද. කොහොම හරි එයට ඕන උනා මන් කව්ඩ බලන්න අත්තටම. මන් ඒකත් ඉශ්ට කලා. ඉට පස්සේයි අත්තටම අදන ගත්තේ. එත් සමහරක් කියපු දෙවල් අදටත් ඒව වලන්ගුයි,
එදා ඉදල ඉදහිට මීට් උනා. එත් මම මන් අකමැතිම වැඩේ තමයි ඕක. නාහෙන් අඩනවා බලන්න බැරි කමට පුලුවන් හැම වෙලාවකම ගියා. එත් ස්ටඩීස් ෆස්ට්!
මන් හිතනවා ඒක වෙන්න අති ඔච්චරටම කෙල්ලො ආස.
ඔහොම කාලෙ ගෙවිල යද්දි ටික ටික මටම මේක කරදරයක් උනා. ඒ ආදරෙ නෙමේ. කරන වැඩ. ඔන්න පන්තියෙ 1 වෙනියා දැන් ටික ටික 3,4,7 ඔහොම බැහගන යන්න පටන් ගත්තා, වැඩෙ හරි යන්නෙ නැති පාට හින්ද මන් එක පැත්තකින්ම තිබ්බා. එත් කවදාවත් තනි කලේ නම් නැ. ඕන හෙල්ප් එකක් කලා. කතා කරල වෙනදා වගේම හිටියා. වෙනසකට උනේ හිතෙ කිසි දෙයක් නොතිබුන එකයි.
ඒ හැම දේමත් තාවකාලිකයි. අවුරුදු 2ක් ඉවසන්න හිතා ගත්තා. ඒ දෙවල් කොහොම උනත් වස්තු මගෙ ජීවිතෙ පාට කරන්න නම් මාර කට්ටක් කැවේ. මම ඒක දන්නව. මම කරපු හැම දෙයක්ම විස්වාස කරල කීවා. එත් මම කරපු හැම කුණු වැඩේම එයාට මාට්ටු. මම අදටත් දන්නෙ නැ ඒ කොහොමද කියලා. වැරදි නම් ගොඩක් කරන්න අති. ඒ හැම ඩේටමත් ඇස් වල කදුලු පුරවන් මට සමාව දුන්න. එත් එයා තරහ වෙලා ඉන්නකොට නම් මට මාරම අව්ල්. .මාස ගානකුත් හිටියා ඉන්නම බැ. ඔන්න ආපහු මන් කතා කලා ඒ මාස 5කට පස්සේ. එත් මම පරක්කුයි. වෙන්න තියන හැම දේම වෙලා, ඒ අය ඒ අයගේ අලුත් ලෝක හදාගෙන. මන් තාමත් මගේ ලෝකෙ තනිවෙලා. මේ දේවල් පට්ට විදියට දැනෙන්න පටන් ගත්තා. එයා ලග ඉන්නකොට, කතාබහ කරනකොට මේ තනිකම දැනුනේ නැ. මන් SMS බර ගනන් වලින් දැන්මා එත් මන් ඒවට උත්තර එනකන් අදටත් බලන් ඉන්නවා. මන් දැන් මහ පිස්සු කොල්ලෙක්.

ඔබ සොයාල කකියනා නෙතේ ඉවසුමක් නතුවා
හද හඩාල වැලපෙනා දිනෙ ඔබ යලිත් දැනුනා
ආයෙ නොයෙන්න මා ගියත් පලුවේ දමා
මාගෙ සිනා පාවුන ඈත ගියද එදා
මගේ හිතේ ඔයා කෙරේ යලි ආදරෙ පිරිල
ඔබෙ නෙතේ තියා හැඩූ වේදන දැකල -

දකින්නවත් ලැබේයි කියල ඉතින් ක්ලාස් ටයිම් බලාන ඉන්නවා. ඔන්න ඔහොම දවස් 10ක් විතර ගියොත් දවක් විතර දකින්න ලැබෙනවා. එක්සෑමුත් ලගයි මටත් වෙලාවක් නැති තරම් බිසී වෙලා හමු වෙන අවසාන දහවස කියල ජූලි 26 හම්බුනා. ඒ තමයි එයා දකින්න ලැබෙන අවසාන දවස කියල මට නිකමටවත් නිතුනෙ නැ. එක්සෑමුත් ඉවර වෙලා බෝඩිමෙන් ගෙදර ආවමයි ඒ අඩුව මාර විඩියට දැනෙන්නේ,  මොකද බෝඩිමෙ ඉන්න කන් කොල්ලො හින්ද කිසි පාලුවක් දැනුනෙ නැ.( එ කතාව ගැන මම කලින් කීවනේ)
මට දැනගන්න ලැබුනා පස්සේ එයා එක්සෑම් හොඩටම කරගෙන කියලා. එකට මටත් ගොඩක් සතුටුයි,මොකද මාත් ඒ වෙනුවෙන් ගොඩක් උදව් කරල තියේ. එයා දැන හෝ නොදැන. බාරහාර පවා. ඒ උනු පඩුරු,නූල් අදටත් මන් ලග තියේ. මන් මෙනුවෙන කරපුවට අදටත් අදහන්න වටිනවා. මම වගේ චාටර් කොල්ලෙක්ට ඔයා වගේ හොද කෙල්ලෙක් කවදාවත් ලැබෙන එකක් නැ.එත් අපෙ අතීතෙ එක්කල පැටලෙන හැම මොහොතකම දැම මට ඔයාගෙ ආදරෙ දැනෙනවා. ඔයා මගේ ජීවිතෙන් ඇතටම යනකන් මම දැනන් හිටියෙ නැ මම ඔයාට මේ තරන්ම අදරේ කරයි කියලා. මට සමාවෙන්න. මමයි වරදි. මම හැමදාම ඔයාට දුන්නෙ වෙදනාව දුක. ඔයා කියපු තාලෙට ජීවිතේ හදාගන්න දැන් මම ගොඩක් ට්‍රයි කරනවා. කවද හරි මගේ ජීවිතෙ දිහා බලලා ඔයාට සතුටු වෙන්න පුලුවන් වෙන්න ජීවිතෙ  හදාගන්න මම මාරම කට්ටක් කන්නේ. එත් ඔයා නැතුව ඒක කරන්න හරි අමාරුයි වස්තු.

මීවිතකට ලොල් වී
අපිලිවෙලයි මා අද.

< චන්ඩි >

Tuesday, September 17, 2013

පෙම්වතියට නොකිය යුතු කතා 10ක් (Part 2)


"පෙම්වතියට නොකිය යුතු කතා 10ක්" කියලා කතාවක් ලියන් ගිහින් ගොඩක් රෑ වෙල කියලා මගින් නතර කලානේ [පෙම්වතියට නොකිය යුතු කතා 10ක් (Part 1)] .. ඔන්න ඉතින් මන් ඒකෙ ඉතුරු කෑල්ල අද දැන්මා. ඉතුරු ටිකත් කියවල බලන්නකො..







6. ඔයාට තව සෙරෙප්පු ඕනෙද ?

 ගැහැණු ලමයි ඉතින් විවිධ දේ වලට කැමතියි. එහෙම කැමැත්තක් නොතිබුනේ කාටද නේද ? හැමොටම ඒ කැමත්ත තියනවා. ඒක ඇත්ත. ඒ නිසා තමන්ගේ පෙම්වතියගේ ඇතැම් පුරුදු ගැන අහන්නට ගිහින් විහින් කෙලවගන්න එපා.


5. ඔබේ පෞද්ගලික ජීවිතය ගැන.

 පෙම්වතියට තම පෞද්ගලික ජීවිතය ගැන නොකියා සිටීම වරදක් කියා සිතන පෙම්වතුන් සිටිනවා. එහෙත් ඇත්තම කතාව නම් පෙම්වතියට කිය යුතු සහ නොකිය යුතු කියා කොටස් දෙකක් තිබෙනවා. ඔබේ පෞද්ගලික ජීවිතය ගැන ඇතැම් දේවල් කීමෙන් ඇයට ඔබ ගැන සැකයක් ඇති වෙන්නට ඉඩ තිබෙයි.


4. උපන් දිනය අමතක උණානේ.

 පෙම්වතියගේ උපන් දිනය අමතක වීම නම් බරපතල වරදක්. " අනේ මට ඔයාගේ උපන් දිනය අමතක උනානේ" කීම පෙම් සබදතාවයක් නිමා වන තැනට කටයුතු යෙදෙන්නට ඉඩ තිබෙන්නක්. ඔබට හැම දේම ඉක්මනට අමතක වෙනවා නම් ඔබේ පෙම්වතියගේ උපන් දිනය කොහෙ හෝ ලියා තබන්න. එහෙම නැත්නම් ලගම හිතවතෙක්ට කියා තබන්න.


3. ඔය ඇදුම හිරයි නේද ?

 "ඔයා මහත් වෙලා නේද ?" පෙම්වතියගෙන් නොඇසිය යුත්තේ ඒ ප්‍රශ්නේ විතරක් නොවෙයි. එයට සමාන කිසිම ප්‍රශ්නයක් අසන්නට හොද නැත. එයින් ඇයට කේන්ති යන්නට ඉදකද ඇත.ඒ වෙනුවට වෙනත් ප්‍රශ්නයක් අහන්න අමතක කරන්න එපා.


2. ඔයාට බැරිද ?

 මේ ප්‍රශ්නය නොයෙක් අවස්තා වලදී පෙම්වතුන් අසනවා. ඒ අහන්න නොයෙක් හේතුන් උඩයි. එහෙත් වැදගත් වෙන්නෙ හේතුව කුමක්ද කියන එක නොවෙයි. ඒ ප්‍රශ්නය නොඅසා සිටීමයි. වර්තමානයේ බොහෝ ගැහැණු තම නිදහස අගය කරනවා. දිගින් දිගටම තමන්ට පීඩනයක් දෙන පෙම්වතුන් අමතක කරන්න උත්සහ කරනවා. ඒ නිසා මේ ප්‍රශ්න නොඅසා සිටීමට වග බලා ගන්න.


1. මගේ EX නම් ඔයා වගේ නැහැ.

 පැරණි පෙම්වතිය ගැන නම් මතක් කරන්නවත් එපා. ඒ විතරක් නොවෙයි කොහොමවත් සන්සන්දනය කරන්න යන්නත් එපා. ඒක අන්තිම නරක වැඩක්. විශේෂෙයෙන් පැරණි පෙම්වතියගේ ලස්සන / සිරුරේ හැඩය ගැන ගුණ කියන්න නම් යන්න එපා. එය ඔබට සිදුවන විශාල පාඩුවක් බව මතක තබාගන්න..