add

Thursday, February 23, 2017

අහස් වියන යට





අහස් වියන යට හමු වී
යන එන මග ඔබ හමු වී
හසරැලි  ඔබ වෙත පාවී
 අදනම් සිහිනෙන්  නුබ ඒවී
ඔය සිතනනම් මට ඕනී

සිසි උවනේ නෙතු පැටලී
ලා දෙතොලේ මා තනිවී
උරතලයේ මගේ රැදී
මගේ සිතුම් නුබ නොදනී
දනිවීනම් නොහැරිවත් නොබලාවී

මුකුලිත ඔය මුව මඩලේ
මනබදිනා  අය අතරේ
නොදුටු පෙමයි මා ඔබගේ
සරසවියට යන පාරේ
ඔබ වෙනවද මගේ ප්‍රේමේ




Bishmi Dissanayaka

1 වෙන අයගේ අදහස්:

කියවලා හොරෙන්ම යන්න නේද හදන්නේ. ?
මොනවා හරි ලියලම යන්න
ඔබගේ අදහස් මට ශක්තියක් වේවි.