add

ආදර ගී පද

නුඹ යන්න ගිය මුත් මා හැරදා

මා කිසිදා නැහැ යන්නෙ නුඹ හැරදා

පෙරදා නුඹෙන් ලද සෙනෙහසින් මෙමා
ජිවත් වන්නෙම් සැමදා......

පිපුනු පෙම් මල පරවු නමුදු
මා සිත තුල එය මුකුලිත වූ වෙමු
නැත පරවන්නට දෙන්නෙ ඒ පෙම් මල මා
මා රැක ගන්නම් ඒ පෙම් මල මා මියන තුරා

සිනා සෙන්න නුඹ මගෙ ලොව සරසා
දොඩන්න වදනක් මා සිත සනසා
නොයන්න කිසිදා මා තනි කරදා
ඔබ පමණයි මා හට සැනසීම සදා

--------------------------------------------------

ඉර නැති හවස් වරුවක ...

ඉර ගිලුනු,වැව දිහා බලාගෙන....

මල් ගැන්න දවසක....

මට නොකී කතාවක්...

වැව මට කියන කල....

කොදුරමින්....අද...

නුබ නොමැති...

මේ මෝසම් හවස...

--------------------------------------------------


පරාජිත
ප්‍රේම වන්තයෙකුගෙ
හීනෙන් හීනෙට ඇවිදින
හිත ලග තවමත් මම මාලිගා හදනවා
සුවදින් ඉවකර ගතනොහෙනා
සද රැක තරු මල් මට පාර කියනවා
සමනල් සිතකින් මා වැඩු සෙනෙහස ............
මිරිගුවක්‌ සේ දුර ඈතට යනවා..........
නුබෙ අත අරගෙන ඒ දුර යන්නට රත්තරනේ මම
පාර හොයනවා
නෙත හිත දෙතොලග සැගවුනු සුවදින්
මල් වාගේ හදවතට අවාරයේ වැහි අනෝරාව යට
ඒ මල් වල පෙති ගැලවී වැටුනා
තරු නෙත් කැලුමක ...

--------------------------------------------------

අහස් ගැබ කොනක
සඳ පායන තුරැම මම
බලා උන්නෙමි
ඇසි පිය ද නොසලාම
සුන් වු පැතුම් පොදි............
සිරකරන් සිත තුලම
බලා උන්නා මම
පායාවි නුඹ.....
සඳ සාවියේ නුඹ
හැමදාම මගේ ලොවට
තරැ පොකුරැ පිදූවත්
මගේ ලොවට එළි වෙන්න
නුඹ ආවේ නෑ තවම.............

--------------------------------------------------

රෝස සුසුම් පෙම්
සිහින ගී යේ
ඔබ තුරුලට වී

ඉන්නම් මී දුම්
වසන්ත ගී පෙම්
සිහින ගී රහසේ

ඔබේ පෙම් ගී
අසා මගේ හද
කදුළු පොකුරක්
වී ගියා...........////

--------------------------------------------------

රත්තරනේ මේ අහන්න
මේ සෙනෙහස කියාදෙන්න
අදින් පස්සෙ කවදාවත්
ආයෙ එන්නෙ නෑ...
නුඹ මා හැර ගියපු ගමන්
මට කවුරුත් නෑ....
.
චුට්ටක් තනිවෙලා ඉන්න
පොඩ්ඩක් කන්පෙති හපන්න
ඔය ඇස්දෙක සිපගන්නට
ආයෙ එන්නෙ නෑ
සන්සාරෙම නුඹ ඇරෙන්න
මට කවුරුත් නෑ...

මොහොතක් නිහඩව සීට්න්න
ලැමැදට ගුලිවී හඩන්න
හීනෙන් වත් නුඹේ වෙන්න
ආයෙ එන්නෙ නෑ
නුඹ දන්නෑ නුඹ ගියාම
මට කවුරුත් නෑ.......

දුරකතනය ගොලුකරගෙන
ඇස් හොදටම රතු කරගෙන
සුදුමැනිකේ මම හැඩුවත්
කිසි තරහක් නෑ
නුඹ ඇරෙන්න මගෙ ලෝකේ
වෙන කවුරුත් නෑ....

සිහින වලට පාට දෙන්න
දේ දුනු සායම සොයන්න
වෙනදාමෙන් හැම දවසෙම
චන්ඩි....එන්නෙ නෑ
සුදුමැණිකේ නුඹත් එක්ක
කිසි තරහක් නෑ....

ගහවැල හැම පාට වෙන්න
නුඹෙ ලෝකය එලිය වෙන්න
මගෙසිහිනය බිලිදුන්නට
කිසි තරහක් නෑ
රත්තරනේ නුඹ ඇරෙන්න
මට කවුරුත් නෑ.....

එක කදුලක් තියා ගන්න
මා නැති ඩවසක හඩන්න
මගෙ රන්කද සමු ගන්නම්
තව කවිපද නෑ....
මට උන්නේ උඹ විතරයි
වෙන කවුරුත් නා....

ජීවිතේ හැමදාමත් හොදින් ඉන්න ......බුදුසරණයි....



------------------------------------------------------

පරතෙරට නොහිතමී
නමුත් දුක දැනී හඩනෙමි
නෙත් වලට කියනෙමි
හිතේ දුක විදවමින් විදුනමි

සිහිනෙකට අත වනමි
මිරිගුවක් ඇත අත ලගැති
පියාබමු රිසියෙමි
පියා පත් දැවි දැවී හඩනෙමි

ඉසිබුවක් සොයනෙමි
කදුලකට මිස ඉඩක් නැති හැටී
සිනාවක් පතනෙමි
පාවි පාවි සිනා යන හැටි
සොදුරු සුව සොයනෙමී
රුදුරු සිතකින් සෙවන ලබනෙමී
පෙම් සිතක් හදුනෙමි

-------------------------------------------------------

අතීතයේ මාවත් දිගේ මං ඔහේ පියමන් කරනවා.. අතරමං වෙයි හිතුණ හැටියෙම හැරී ආපසු දුවනවා.. නුඹෙන් ලද දුක නිසාවෙන් මං අදත් රසකර විදිනවා.. එහෙත් නුඹ ගැන සත්තකයි මං හිතන් නෑ.,මට හිතෙනවා.. හිතට වැරදුනු එකම තැන මට අදත් තනිවම හොයනවා.. නුඹෙන් මුදවනු නොහැකි හිත ගැන හොරෙන් මම පසුතැවෙනවා.. ඉටු නොවෙන එක සිහිනයක්වත් මවන් නෑ මට මැවෙනවා.. අනේ නුඹ ගැන හිතන් නෑ මං, හිතන් නෑ.,මට හිතෙනවා..

0 වෙන අයගේ අදහස්:

Post a Comment

කියවලා හොරෙන්ම යන්න නේද හදන්නේ. ?
මොනවා හරි ලියලම යන්න
ඔබගේ අදහස් මට ශක්තියක් වේවි.