add

Monday, February 20, 2017

යලි හමුවීම





අපි යලි හමුවෙලා
අප අපගෙන් වෙන් වී....
අන්සතු දෑතක පැටලිලා
හසරැලි පමණක් හෙලා
යමු ඒ පෙම් සිතිවිලි මග හැරලා

පසු කර ආ මතකය සෙනෙහේ
නැවතීලා හුන් තැන අමතක වීලා
රිදවූ ඇමතූ මේ වැහි මන්දාරමේ
සිතිවිලි අතුරා මල්පෙති විසිරිලා

ලස්සන දෑසක හිමිකම ගිලිහිලා
සුන්දර සිතිජය ළග මා තනිවෙලා
ගිම්හානය නෑ තව අවසන් වෙලා
වස්සානය මගේ තවමත් ඔබ නිසා



Bishmi Dissanayaka


3 වෙන අයගේ අදහස්:

කියවලා හොරෙන්ම යන්න නේද හදන්නේ. ?
මොනවා හරි ලියලම යන්න
ඔබගේ අදහස් මට ශක්තියක් වේවි.