add

Saturday, February 18, 2017

අනේ නුඹ ගැන හිතන් නෑ මං, හිතන් නෑ.,මට හිතෙනවා..


අතීතයේ මාවත් දිගේ මං ඔහේ පියමන් කරනවා..
අතරමං වෙයි හිතුණ හැටියෙම හැරී ආපසු දුවනවා..
නුඹෙන් ලද දුක නිසාවෙන් මං අදත් රසකර විදිනවා..
එහෙත් නුඹ ගැන සත්තකයි මං හිතන් නෑ.,මට හිතෙනවා..


හිතට වැරදුනු එකම තැන මට අදත් තනිවම හොයනවා..
නුඹෙන් මුදවනු නොහැකි හිත ගැන හොරෙන් මම පසුතැවෙනවා..
ඉටු නොවෙන එක සිහිනයක්වත් මවන් නෑ මට මැවෙනවා..
අනේ නුඹ ගැන හිතන් නෑ මං, හිතන් නෑ.,මට හිතෙනවා..

0 වෙන අයගේ අදහස්:

Post a Comment

කියවලා හොරෙන්ම යන්න නේද හදන්නේ. ?
මොනවා හරි ලියලම යන්න
ඔබගේ අදහස් මට ශක්තියක් වේවි.