add

Tuesday, September 17, 2013

පෙම්වතියට නොකිය යුතු කතා 10ක් (Part 2)


"පෙම්වතියට නොකිය යුතු කතා 10ක්" කියලා කතාවක් ලියන් ගිහින් ගොඩක් රෑ වෙල කියලා මගින් නතර කලානේ [පෙම්වතියට නොකිය යුතු කතා 10ක් (Part 1)] .. ඔන්න ඉතින් මන් ඒකෙ ඉතුරු කෑල්ල අද දැන්මා. ඉතුරු ටිකත් කියවල බලන්නකො..







6. ඔයාට තව සෙරෙප්පු ඕනෙද ?

 ගැහැණු ලමයි ඉතින් විවිධ දේ වලට කැමතියි. එහෙම කැමැත්තක් නොතිබුනේ කාටද නේද ? හැමොටම ඒ කැමත්ත තියනවා. ඒක ඇත්ත. ඒ නිසා තමන්ගේ පෙම්වතියගේ ඇතැම් පුරුදු ගැන අහන්නට ගිහින් විහින් කෙලවගන්න එපා.


5. ඔබේ පෞද්ගලික ජීවිතය ගැන.

 පෙම්වතියට තම පෞද්ගලික ජීවිතය ගැන නොකියා සිටීම වරදක් කියා සිතන පෙම්වතුන් සිටිනවා. එහෙත් ඇත්තම කතාව නම් පෙම්වතියට කිය යුතු සහ නොකිය යුතු කියා කොටස් දෙකක් තිබෙනවා. ඔබේ පෞද්ගලික ජීවිතය ගැන ඇතැම් දේවල් කීමෙන් ඇයට ඔබ ගැන සැකයක් ඇති වෙන්නට ඉඩ තිබෙයි.


4. උපන් දිනය අමතක උණානේ.

 පෙම්වතියගේ උපන් දිනය අමතක වීම නම් බරපතල වරදක්. " අනේ මට ඔයාගේ උපන් දිනය අමතක උනානේ" කීම පෙම් සබදතාවයක් නිමා වන තැනට කටයුතු යෙදෙන්නට ඉඩ තිබෙන්නක්. ඔබට හැම දේම ඉක්මනට අමතක වෙනවා නම් ඔබේ පෙම්වතියගේ උපන් දිනය කොහෙ හෝ ලියා තබන්න. එහෙම නැත්නම් ලගම හිතවතෙක්ට කියා තබන්න.


3. ඔය ඇදුම හිරයි නේද ?

 "ඔයා මහත් වෙලා නේද ?" පෙම්වතියගෙන් නොඇසිය යුත්තේ ඒ ප්‍රශ්නේ විතරක් නොවෙයි. එයට සමාන කිසිම ප්‍රශ්නයක් අසන්නට හොද නැත. එයින් ඇයට කේන්ති යන්නට ඉදකද ඇත.ඒ වෙනුවට වෙනත් ප්‍රශ්නයක් අහන්න අමතක කරන්න එපා.


2. ඔයාට බැරිද ?

 මේ ප්‍රශ්නය නොයෙක් අවස්තා වලදී පෙම්වතුන් අසනවා. ඒ අහන්න නොයෙක් හේතුන් උඩයි. එහෙත් වැදගත් වෙන්නෙ හේතුව කුමක්ද කියන එක නොවෙයි. ඒ ප්‍රශ්නය නොඅසා සිටීමයි. වර්තමානයේ බොහෝ ගැහැණු තම නිදහස අගය කරනවා. දිගින් දිගටම තමන්ට පීඩනයක් දෙන පෙම්වතුන් අමතක කරන්න උත්සහ කරනවා. ඒ නිසා මේ ප්‍රශ්න නොඅසා සිටීමට වග බලා ගන්න.


1. මගේ EX නම් ඔයා වගේ නැහැ.

 පැරණි පෙම්වතිය ගැන නම් මතක් කරන්නවත් එපා. ඒ විතරක් නොවෙයි කොහොමවත් සන්සන්දනය කරන්න යන්නත් එපා. ඒක අන්තිම නරක වැඩක්. විශේෂෙයෙන් පැරණි පෙම්වතියගේ ලස්සන / සිරුරේ හැඩය ගැන ගුණ කියන්න නම් යන්න එපා. එය ඔබට සිදුවන විශාල පාඩුවක් බව මතක තබාගන්න..

1 වෙන අයගේ අදහස්:

කියවලා හොරෙන්ම යන්න නේද හදන්නේ. ?
මොනවා හරි ලියලම යන්න
ඔබගේ අදහස් මට ශක්තියක් වේවි.