add

Sunday, September 8, 2013

තනිකඩ ජීවිතෙත් හරි සුන්දරයි .

හිමිකාරිය ලැබෙන තුරු ආතල් එකෙ කල් ගත කරන්න පුලුවන්

තනිකඩයෙක් ලෙස ජීවත් වීමෙන් හොද කෙල්ලක් හරි කාලයට හොයාගන්න අවස්තාවක් ලබෙනවා. සුදුසු කෙන ලැබෙන තුරු වෙන අය එක්කත් ඉන්න ලැබෙනවා. එ වගේම තමා ඉතින් හොදම කෙනා කියල හිතාගෙන ඉදල අවසානෙට වරදින්න තියන ඉඩකඩත් අඩු වෙනවා. ගොඩක් අපෙ කොල්ලො වැරදි වැටහීම්, තීරන ගන්න අවස්ථාත් තියනව,
1. වයස සම්පූර්න වීම
2. සම වයසෙ යාලුවන් සෙට් කර ගැනීම
3. අත හැර යාවි යැයි බිය වීම
4. මීට කලින් යාලු නොවුන කෙනෙක් සෙවීම
මෙවෙනි අවස්ථා වල තේරුමක් නතිව සෙට් කරගන්නව. ඉතින් එවා අවුල් වීමෙ සම්භාවිතාව නම් ගොඩක්ම වැඩීයි.

ඔබේ ඉගැනීමේ  ජීවිතය සාර්ථක කරගන්න ලැබෙනවා.

තනිකඩව සිටීමෙන් අධ‍යාපනයට වැඩි වේලාවක් වැය කරන්න ලැබෙනවා. කෙල්ලෙක් කියන්නෙ ඉතින් හරිම වාතයක්නෙ. ලග නැතත් පාලු හරි මකන්න ඕනනේ. ගැහිල්ල එහෙම එකකින් නවතින සෙල්ලමක් නෙමෙයිනේ. සති අන්ත, නිවාඩු දින හැම දේම අපිට ඕන විදියට. කිසි බලපැමක් නැ.

කැමති ඕනම දෙයක් කරන්න හැකියි.

තනිකඩයෙක්ට තමන්ගෙ ජීවිතෙ ඇති නිදහස උපරිමයටම විදින්න හැකියි. කැමති ඕනම තැනක යන්න, ඕන දෙයක් කරන්න, ඕන දෙයක් කන්න බොන්න ලැබෙනවා. යාලුවන් එක්ක පැය ගනන් ඉන්න,තව ඕන තරම් දෙවල්. ඔබේ පවුද්ගලික ජීවිතයට අගිලි ගහන්න කිසිවෙක් නොමැති නිසා ඕනැම දෙයක් කල හැකියි. (බට්, තම දෙමවුපියො ඉන්නා වග මතක තබා ගන්න.ඔවුන කීකරු විය යුතුයී)

ධනවත් විය හැකියි.

කෙල්ලෙක්ට ආදර කිරීම තුලින් බොහෝ මුදල් වියදම් කිරීමට සිදුවෙනවා. ඇදුම්, ආභරණ, ආහාර වැනි ඒවාට මුදල් වැය කරන්න වෙයි. නමුත් තනිකඩයෙකුට මෙම ප්‍රශ්නය පැන නගින්නේ නැත.

සාමකාමි ජීවිතයක් හිමිවෙයි.

කනිකඩ නම් ඉතින් සාමකාමියි. කෙල්ලො හරි පුදුමාකාරයි. නිකන් කාලගුනේ වගේ. වෙනස් වෙන්න යන්නෙ හරි ටික වෙලාවයි. ඒව නිසා රන්ඩු වීමට සිදු නොවෙයි.

විනෝදාන්ශ වලට ඉඩ තිබෙයි.

කොල්ලො කොහොමත් ෆන් එකට බරයිනේ (සමහරක්) . ක්‍රිඩා කරන්න , යම් යම් දේවල් එකතු කරන්න ආසයි. නමුත් ඒක තෙරුම් ගන්නේ, නිරපරාදෙ මුදල් වියදම් කරනව කියල. එත් කෙනෙක් නැතන්ම් එහෙම නැ.

අකමැති අය ආශ්‍රය කිරිමට අවශ්ය නැ.

මේක මමත් කැමතිම නැති දෙයක්. තමුන්ට දිරවන්නේ නැති කෙනෙක් සමග ඉන්නයි කියද්දි ඒක හරි විකාරයකි. " ඒ මගෙ මල්ලි, ආ..ඒ මගෙ හොදම යලුවා " ඔය වගේ කතා අහන්න කොල්ලො කැමති නැ. තනිකඩ නම් ඉතින් ඕවා නැ. එහෙත් අවාසිත් නැතුවාම නෙමෙයි. 

0 වෙන අයගේ අදහස්:

Post a Comment

කියවලා හොරෙන්ම යන්න නේද හදන්නේ. ?
මොනවා හරි ලියලම යන්න
ඔබගේ අදහස් මට ශක්තියක් වේවි.