add

Tuesday, September 17, 2013

පෙම්වතියට නොකිය යුතු කතා 10ක් (Part 1)



පෙම්වතියට සැම දෙයක්ම කිවිය යුතුද ? රහස් තිබිය යුතු නැද්ද? තමන් කවදාවත් පෙම්වතියට බොරු නොකිය යුතු යැයි අතීතයේ සිට මතයක් තියෙයි.අත්තටම රහස් තබා ගත යුතු නැ.හැකි සෑම අවස්තවකම ඇත්හ කියන්න ඕනි. එහෙත් සියල්ල හොදින් සිදු වෙන්න නම් පුන්චි බොරුවක් ඉදහිට කරන්න සිදුවෙනවා.එහෙම නැති වුනොත් හැමදේම වෙනස් වෙන්නට යන්නේ බොහොම ටික වෙලාවයි.
ඔබේ පෙම්වතියට නොකිය යුතු කතා 10ක් ගැනයි මේ කියන්න යන්නේ. එයින් ඔබේ සම්බන්දතාව හොදින් පවත්වාගෙන යන්න අවස්තාවක් ලැබෙන බව සහතිකයි.

10. ඔයා හරියට ඔයාගේ අම්මා වගේ
 අම්මා වගේ කියන එකෙන් විවිධ අර්තකතන ලැබෙන්න පුලුවන්. එකක් තමයි ඇගේ පෙනුම ගැන ඇයට වැරදි වැටහීමක් ලැබීම. තවත් එකක් තමයි ඇය තමන්ගෙ අම්මගේ අකමැති ගුණාන්ග තමන් සතුව ඇති බව සිතීම. මෙයින් සිදුවන්නේ පෙම්වතියට ඔබ ගැන කේන්ති ඒමයි. එය එතරම් හොද දෙයක් නෙමෙයි. එ හින්ද ඒ කතාව පැත්තකින් තියන්න.

9. මට ඔයාට එන්න කියන්නත් තිබුනා. ඒත් ඔයා එකට කැමති වෙන එකක් නැහැ කියල හිතුනා.
 මේ කතාව කිවුවොත් නම් සොරි.කොම් . ආයෙත් ඒ ගන හිතන්න දෙයක් නැ. ඇගේ ගති ගුණ ඔබ තෙරුම් අරන් තියනවනම් ඇය එක්කන් යන්න හොද තැන කුමක්ද කියා ඔබ තේරුම් ගෙන ඇතී. එහෙත් යාලුවෙක්ගෙ උපන්දින සාදයත්, චිත්‍රපටයක් නරබන්න තනියම යන්න ඔනි නම් මූනට ගහන්න වගේ බෑ කියන්න එපා. "ඔයාට ගොඩක් වැඩ තියනවනේ" වගේ කතාවක් කියල මාරු වෙන්න.

8. විවාහය සහ දරුවන්
 බොහො පෙම්වතියන් පෙම්වතුන්ගෙන් අහන්න ඉන්න මාතෘකාවක් තමයි විවාහය සහ දරුවන්. ඒත් මේ ගැන කතා කිරීමෙදී ඔබ මදක් සැලකිලිමත් වෙන්න ඕනි. මේවා ගැන කතා කල යුත්තේ විවාහේ ගැන ඇත්තටම ස්තීර බවක් තියනව නම් පමනයි.එසේ නොමැති වුවහොත් වැරදි වැටහීමක් ඇයට ලැබෙන්නට පුලුවන්. එසේම එවැන්නක් ගැන  සිතන්නෙවත් නැතුව සැහැල්ලුවෙන් සිටින තරුනයෙක් නම් ඔබ බොහෝ දුර හිතනවා කියා ඔබ අත් හැර යන්න බැරි කමකුත් නෑ.

7. කරන්න ඕනි, ඔයාට පුලුවන්ද, එන්නම ඕනි.
 ඒ වගේ කතා තෙරුමක් නැති කතා. පෙම්වතිය සම්බන්දයෙන් නීති දැමිම හෝ බැගාපත් වීම නොකල යුතුයි. ඒ වගෙ අවස්තාවක් එනවා නම් කටපියාගෙන ඉන්න එක තමා වඩාත් හොද.

*දැන් ගොඩක් රෑ වෙලා. තවත් කතා 6ක් ම ඉතුරු වෙලා. ඒව මන් ඊලග එකට අනිව දානම්.
මෙන්න මේකේ ඉතුරු කෑල්ල. කීවත් වගේම මම දැන්මා. පෙම්වතියට නොකිය යුතු කතා 10ක් (Part 2) .


0 වෙන අයගේ අදහස්:

Post a Comment

කියවලා හොරෙන්ම යන්න නේද හදන්නේ. ?
මොනවා හරි ලියලම යන්න
ඔබගේ අදහස් මට ශක්තියක් වේවි.