"අම්මා" යන පදවියට පිරිමින් පවා ගවුරවයක් දක්වන්නෙ මවු සෙනහසේ ඇති අපිරිමිත ගුනය නිසාය.වර්තමාන සමාජයෙ ගැහැනියකට සලකන අයුරු ඕනෑ තරම් අපට අසන්නට දකින්නට ලැබේ. ඒව ඉතා ශෝක ජනක සිද්දීන්ය.
මේ කෙසේ නමුත් සමාජය හැදිය නොහැකි බව මා දැන සිටී.
මේ කියන්න යන්නෙ එවන් තමන් අතින් සිදුවිය හැකි සුලු සුලු අඩුපාඩුකම් කිහිපයකි.
සරලව හිතන්න. ඔබ හොද මව් පියන් යුවලක ලග ඉපද යහපන්,අධයාපනයෙන් පිරිපුන් ,ඔබ ඔබෙ මවට සහොදරියට ආදරයෙන් ගවුරවයෙන් සලකන පුද්ගලයෙක් විය යුතුයි.
නමුත් මව හෝ සහෝදරිය හැර වෙනත් තරුණියක් වදනකින් හෝ පහත් කොට සලකඉ නම් ඒ හදියවෙන් ඇති පලය කිම්ද ?
අද තරුනිට ආමන්ත්රනය කරනු ලබන සුබල වචන වන්නෙ කෑල්ල,බඩුව යන නොහික්මුනු,කුදීත වචන වලින්න.ඔහොම කියන නරින්ට හෙනම ගහපිය.
එසේ වඩන් ප්‍රකාශ කරන්නෙ අශීලාචර,නූගත්,නොහැදියාවෙන් යුතු මෝඩ පිරිමින්ය.
තම දැඩිව ආදරය කරන තම පෙම්වතියට, මවට මෙවන් ආමන්ත්‍රනයක් පිටස්තර අයෙක්ගෙන් ලැබෙනම් එය කෝපයට පත්වීම සුලු දෙයක්ය.(මම නම් ඉතින් උගෙ අම්මලත් මතක් කරල දෙකන් ඇනල එන්නේ)
මක් නිසද ඔබට වෙනත් කෙනෙක් කෑල්ලක්,බඩුවක් ලෙස පෙනේනම් ඔබෙ මව,සහොදරිය,පෙම්වතිය කෑල්ලක්,බඩුවක් බව අකමැත්තෙන් වුවත් පිලිගන්න.
තවත් කෙනෙකුට මෙවන් නිර්වචන දීමට තරම් බුද්දිමතක් දැයි ඔබ දැන් සිතන්න.
නෑ මම ඒක ආතල් එකට කීවෙ මෙය සාමාන්‍ය පිලිතුරක් නම් ඔබෙ ආතල් එකේ,බුද්දියෙ තරම අපට වැටහේ.
එසේ පවසන්නට ඔබෙ ඒ තැනෙත්තිය කොයිතරම් දැනුවත් දැයි සිතන්න.
අපි මේම හිතමු,
අපිට නිතර නිතර හම්බෙන තරුනියන් කීප දෙනෙක් සිටී.මින් එක්කනෙක් චාම්ව හැසිරෙන කෙනෙකි. ඔබ හිතන්නෙ ඇය ඉතාම හැදියවක් සහිත ගුණ යහපත් කෙනෙක් විදියටය.
අනිත් තරුනිය සමාජශීලි විවිද විලාසිතවන්ගෙන් සැරසුනු කෙනෙකි.ඔබට ඇයව පෙන්නෙ බඩුවක්,කෑල්ලක් ලෙසය.
මේ ඔබ සිතන ආකරය නම් එ ගැන දෙසරයක් හිතල බලන්න.ඔබ තව ගැහැනිය ගැන හැදෑරිය යුතුය :පී .
මෙහිදි ඔබට වලන්ගු තවත් කරුනක් තිබේ.
ඔබ ඔබේ ගර්ල්ට දැඩි ලෙස නීති පනවා .ඇය එවා පිලිපදි නම් ඔබ සිතනව "මටත් යහපත් හැදියාවක් ඇති පෙම්වතියෙක් සිටිනවා" යැයිය.නමුත් එය ඊට හාත්පසින්ම වෙනස්ය..
ආ..තවත් දෙයක් තරුණියක් කොටට ඇදුමක් ඇදගත් පමනින්,ශරීරය දුටු පවනින් ඔබ සලිත වෙනවා විය හැක. හැගීම් දැනිම් ඇති අයට ඉතින් මෙය සාමන්‍ය දෙයක්.
නමුත් ඇයට අමානුශික ලෙස වද හින්සනයට ලක් කර මර දැමීමට තරම් මේ හැගීම් දුර දිග යයි නම් ඔබේ හැදියවෙන් පලක් නැත. මෙවනි සිදුවිම් ගනනවක් මටද අසන්නට ලැබිනි.
ඔබ සිත,කය,වචනය මීට වඩා දියුනු කර ගැනිමට ඔබ උත්සහ ගන්න.
ඔබ දන්න වයසේ තරුනියන් සිය ගනනක් සමග සම්බන්දතා පැවැත්තුව යැයි සිතමු. ඔබ සිතනවා ඇති මම තමයි "පොර" කියලා.. අනේ පවු ඉතින් :පී.
තවත් තරුනියක් මෙලෙස තරුනයන් කීප දෙනෙක් ඇසුරු කලනම් ඔබ සිතන්නේ ඇය "බඩුවක්" කියාය.
ඔබ "පොරක්" වීමත්, ඇය "බඩුවක්" වීමටත් හේතුව ඔබෙ පිරිමිකම යඉ සිතන්නෙ නම් ඔබෙ මනසික මට්ටම තව දියුනු විය යුතු යැයි අකමැත්තෙන් හරි පිලිගන්න.
ගොඩක් අය පෙම්වතියගෙ චරිතය තුලින් තම මවගෙන් චරිතය බලපොරොත්තු වීමයි.
එය අනුවන ක්‍රියාවකි.
තම අම්මා යනු අම්ම මිසක් වෙනත් අයකු නොවේ.
අම්මගේ ගුණ පවසා පෙම්වතිය සෙහැල්ලු කිරිම සදාචාරත්මක නැත.
තවද ඇගෙ අඩුපඩුකම්, ක්‍රියාවන් වෙනත් අය සමග කතා කර හැල්ලුවට, සිනහවට ලක් කිරිම හොද නැත.
(මට සමවෙන්න යාලු. මම හිතල කලෙ නැහෑ)
ඔබ අවට පිරිසගෙ පැසසුම් ලබ ගන්න.ඇයගේ ගුණ පවසා, පසුව ඇය ගැන සෙවිල්ලක් වත් නොකර,ඇය සමග කතා වත් නොකර සිටීම, ඔබ අතින් නොසිතා හෝ සිතා කරන වරදකි.
ඔබට වඩා පහල සමාජ මට්ටමක,ඔබ පිස්සෙක් නූගත් මෝඩයෙක් යැයි සිතන තැනැත්තෙකු ඔබට වඩා යහපත් ගුණාන්ග වලින් යුත් පුද්ගලයෙක් විය හැකි බව මතක තබා ගන්න.
මෙනිස කිසිම කෙනකු බාහිර අnගයන්ගෙන් මැනිය නොහැක...








Sira macn true story
ReplyDelete